Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, is offering exclusive interest-free installment plans for Hatton National Bank (HNB) credit cardholders, making solar energy more accessible and affordable.

Under this limited-time offer, HNB credit cardholders can convert their solar purchases into interest-free installments of up to 60 months, providing a cost-effective path to energy independence. The offer is valid until 30th April 2025.

This initiative reflects Hayleys Solar’s commitment to expanding access to renewable energy solutions and making solar power a more viable investment for homeowners and businesses across Sri Lanka.

2030 වන විට ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි. ඒ වෙනුවෙන් රජයත් පෞද්ගලික අංශයත් මැදිහත් වෙමින් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට දායක වෙයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අතර  හිරු එළියට වැඩි වටිනාකමක් හිමිවෙන්නේ ලංකාව හොඳින් හිරු එළිය ලබන රටක් හෙයිනි. හිරු එළියෙන් (සූර්ය පැනල වලින්) විදුලිය උත්පාදනය කිරීමට දායක වෙන පෞද්ගලික ආයතන අතර ප්‍රමුඛ සන්නාමයක් වන්නේ හේලීස් සමුහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා ආයතනයයි. හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා සූර්ය විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් තීරණාත්මක ජයග්‍රහණයත් අත් කරගෙන තිබේ. එනම් මෙගාවොට් 150ක සූර්ය පැනල බලාගාරයක් ඉදිකිරීම සඳහා සුදුසුකම් ලැබීමයි. ඒ ගැනත් ආයතනයේ ඉදිරි ව්‍යාපාරික කටයුතු ගැනත් මේ සාකච්ඡාව හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක සමඟයි.

හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ ගමන් මඟ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

ෆෙන්ටන්ස් ආයතනය පටන් ගත්තේ 1919 හර්බර්ට් ෆෙන්ටන්ස් කියන වරලත් ඉංජිනේරුවා විසින්. 2016 දී හේලීස් ආයතනය විසින් ෆෙන්ටන්ස් ආයතනය මිලදී ගත්තා. හේලීස් කියන්නේ දැනට ලංකාවේ තියෙන දැවැන්තම ආයතනය. හේලීස් ආයතනයේ අංශ 16ක් තියෙනවා. එයින් අපි නියෝජනය කරන්නේ ඉන්ජිනේරු හා ව්‍යාපෘති අංශය. හේලීස් ෆෙන්ටන්ස් නමින් හඳුන්වන්නේ මේ අංශය. හේලීස් ආයතනයේ සභාපතිතුමාගේ දැක්ම තමයි අපේ ආයතනය යම් ව්‍යාපාරික ක්ෂ්‍ර්‍රේත්‍රයක ඉන්නවා නම් අපි ඒ අංශයේ ප්‍රමුඛයා විය යුතුයි කියන එක. හේලීස් ආයතනය LMD සඟරාවේ ප්‍රමුඛතම සම්මාන දිනාගෙන තියනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීම් වල සමාගම් අතරින් පළමු ස්ථානය දිනා ගන්නත් හේලීස් ආයතනයට හැකියාව ලැබුණා. ලංකාවෙ තියෙන ඉංජිනේරු සමාගම් අතරින් පෙරමුණේ ඉන්නෙත් හේලීස් ෆෙන්ටන්ස් ආයතනය. අපේ ආයතනයේ පිරිවැටුම රුපියල් බිලියන තිහක මට්ටමට ඇවිත් තියෙනවා.

අපේ ආදායම් වලින් සියයට පනහක්ම එන්නේ පුනර්ජනනීය බලශක්ති අංශයෙන්. වහල මත සවි කරන සෝලා ගත්තත් පොළොව මත සවිකරන සෝලා ගත්තත් බැටරි පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන සෝලා ගත්තත් මේ කවර ආකාරයක එකක් ගත්තත් හේලීස් ෆෙන්ටන්ස් ආයතනය ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ සමස්ත සෝලා ධාරිතාවෙන් 25%ක්ම අපේ ආයතනයෙන් ලබා දෙනවා.  ලංකා විදුලිබල මණ්ඩලය මඟින් දැනට සුළං හා සෝලා විදුලිය මෙගා වොට් 400 ක් පමණ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා.එයින් මෙගා වොට් දෙසීයක්ම අපේ ආයතනයට ලැබිලා තියෙනවා. ඒ ටෙන්ඩර් අපේ ආයතනයට ලැබුණේ අපි ඉදිරිපත් කරපු තරඟකාරී මිල ගණන් නිසා. මේ ළඟ ළඟදීම මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය ලැබුණෙත් අපේ ආයතනයට.

ඒ බලාගාරයේ ඉදිකිරීම් කොයි කාලෙද පටන් ගන්නේ?

මේ අවුරුද්ද මැද වෙද්දි ඒ කටයුතු පටන් ගන්න වෙනවා.

ලෝකයේ වෙන රටවල් එක්ක බලද්දි සෝලා පද්ධතිය සවිකිරීම සඳහා ලංකාවේ වැඩි මුදලක් වැය වන බවට සාකච්ඡාවක් තියෙනවා. ඒක ඇත්තද? 

ලෝකය සමඟ සංසන්දනය කළොත් සෝලා සවි කිරීම සඳහා වැයවෙන මුදල ලංකාවේ අඩු අගයක තියෙන්නේ. ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඇමරිකාව යන රටවල ගෙදරකට කිලෝ වොට් පහක සෝල පද්ධතියක් ඩොලර් 3000ක මුදලකට සවි කරන්න බෑ. ඒ රටවල ඒ සඳහා ඩොලර් 5000 ක් -10000 අතර මුදලක් වැය වෙනවා. ඒත් ලංකාවේ කිලෝ වොට් පහක සෝලා කට්ටලයක් ඩොලර් 3000කට සවි කරන්න පුළුවන්. ඩොලර් 3000ක් කියන්නේ රුපියල් ලක්ෂ නවයයි. නමුත් ආණ්ඩුවට ගන්න සෝල පද්ධති ලෝකයේ අනිත් රටවල් වලට වඩා මිලෙන් වැඩියි. හේතුව අපේ පරිමාණය අඩුයි. ඒ නිසා ලංකාවේ දැනට සෝලා විදුලිය ඒකකයක් අලෙවි කරන්නේ ඩොලර් ශත 6ත් 8ත් අතර මිලකට. ඉන්දියාවේ සූර්ය බල විදුලි ව්‍යාපෘති මෙගාවොට් 4000ක් වැනි විශාල ප්‍රමාණයේ ඒවා. එතකොට ඒකක මිල අඩුවෙන් දෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවේ සෝලා විදුලි ඒකකයක් විකිණෙන්නේ ඩොලර් ශත දෙකක් තුනක් වැනි මිලකට.

ලංකාව පුරා තවදුරටත් සෝලා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමට හේලීස් සෝලා ආයතනයට හැකියාව තියෙනවද?

ඒ සඳහා ලංකාවටත් අවශ්‍යතාවය තියෙනවා. ලංකාවේ සමාගම් වලටත් හැකියාව තියෙනවා. ඒ සමාගම් අතර දැවැන්තම සාමාගම වන හේලීස් ෆෙන්ටන්ස් ආයතනයට සෝලා විදුලිය සඳහා ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා.

තමන්ගේ නිවසේ වහලය මත සූර්ය පැනල කට්ටලයක් සවිකර ගන්නා පාරිභෝගිකයාට අත්වෙන වාසි මොනවාද?

අපි නිධාන ගැන දන්නවනේ සාමාන්‍යයෙන් නිධාන තියෙන්නෙ පොළොව යටනෙ. ඒත් දැන් හැමෝගෙම වහල මත නිධානයක් තියෙනවා. ඒ තමයි සෝලා පද්ධතිය. සූර්ය බලය අපිට නොමිලේ ලැබෙනවා. වහල උඩ සෝලා පද්ධතියත් සවිකලහම ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ විදුලිය එක්කෝ අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් විදුලි බල මණ්ඩලයට විකුණන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයට විකුණන හැම සෝලා විදුලිය ඒකකයක් සඳහාම රුපියල් විසි හතක් ලැබෙනවා. මේ වගේ අවස්ථාවක් නැවත ලේසියෙන් හම්බවෙන්නේ නෑ. මේ කාලය තමයි සූර්ය බල විදුලියට යන්න තියන හොඳම කාලය.

පාරිභෝගිකයන් ඒ සඳහා හේලීස් සෝලා ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?

අපි වාහනයක් ගනිද්දි  ඒක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද බ්‍රෑන්ඩ් එක මේ වගේ හැම දෙයක්ම  බලනවා. සෝලා විදුලිය අවුරුදු විස්සක් පාවිච්චි කරන්න පුළුවන්.ඒ නිසා අවුරුදු විස්සක කාලයක් සඳහා සේවාවක් දෙන්න පුළුවන් ආයතනයක් වෙන්නත් ඕනේ. හේලීස් ආයතනය අවුරුදු එකසිය හතලිස් හතක් පැරණි‍යි. හේලීස් ෆෙන්ටන්ස් ආයතනය අවුරුදු එකසිය හයක් පරණයි. ඒ නිසා හේලීස් සෝලා ආයතනයෙන් මිලදී ගන්නා සෝලා පද්ධති වලට  ඒ නිසා හෙලිස් සෝලා ආයතනයෙන් මිලදී ගන්නා සෝලා පද්ධති වලට රුපියල් 20ක වගකීමක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මේ වගේ විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්නකොට කෙනෙක්ට බයවෙන්න දෙයක් නෑ.

අලෙවියෙන් පසු ලබාදෙන සේවාව කොහොමද?

හේලීස් ෆෙන්ටන්ස් ආයතනය සතුව අලෙවියෙන් පසු සේවාව ලබාදීමට වෙනමම අංශයක් තියෙනවා. ඒක මුළු ලංකාව පුරාම විහිදුණු අංශයක්. පාරිභෝගිකයන්ට තව සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි සෝලා කට්ටලය වහල මත කුමන ආයතනයකින් සවි කලත් අපේ ආයතනයට ඒවායේ නඩත්තු සේවා සපයන්න පුළුවන්. ඒ විදිහට අත ඇරලා දාපු සෝලා පද්ධතිවල නඩත්තු කටයුතු අපේ ආයතනයට ලබා දීලා තියෙනවා. විශාල සමාගම් පවා නඩත්තු සේවා ලබා ගැනීමට අපේ ආයතනයට ඇවිත් තියෙනවා. අපි පළමුව අවධානය යොමු කරන්නේ යන වියදමට වඩා ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවය ගැන.

ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමටත් හේලීස් සෝලා ආයතනය කටයුතු කරලා තියෙනවා. ඒ ගැන පැහැදිලි කළොත්?

පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිඳවැටීමත් එක්ක බොහෝ අයට කල්පනා වෙච්ච දෙයක් තමයි ගෙදර ගෙදර හදිසි ලයිට් එකක් තිබුණ නම් හොඳයි කියලා. ඒත් ඒවා වැඩි කල් පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට අපේ ආයතනය හඳුන්වා දුන් විසඳුම තමයි මේ ජංගම බලශක්ති පද්ධතිය. ඒක අවුරුදු දහයත් පහළොවත් අතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර තියාගන්නත් පුළුවන් අවශ්‍ය නම් වාහනය අරන් යන්නත් පුළුවන්. ඒකෙන් වායු සමීකරණ යන්ත්‍රයක් වුණත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. විදුලි පංකා ,ලැප්ටොප් මේ ආදී ඕනෑම විදුලියෙන් ක්‍රියාත්මක උපාංගයක් ඒකෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. වොට් තුන්සීය සිට මෙගාවොට් විසි හතර දක්වා විදුලි ධාරිතාවයක් සහිත යන්ත්‍ර දැනට තියෙනවා. ඊට අමතරව ගෙදරකට හයිබ්‍රිඩ් පද්ධතියක් අවශ්‍ය නම් අපිට ඒකත් හයි කරන්න පුළුවන්.

2030 වෙද්දී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය විදුලියෙන් සපුරා ගැනීමට රජයට ඉලක්කයක් තියෙනවා. සූර්ය බල විදුලියට ප්‍රචලිත කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයෙන් ලබා දෙන අනුග්‍රහය ගැන සෑහීමකට පත්විය හැකිද?

සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් විදුලි බල මණ්ඩලයේ හා විදුලි බල අමාත්‍යංශයේ දැක්ම ගැන අපි සතුටු වෙනවා. මොකද විදුලියෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය විදුලියෙන් ලබා ගත යුතුයි කියන මතයෙ අපි ඉන්නවා. පුනර්ජනනීය බලශක්තිය අපතේ නොයවා බැටරියක ගබඩා කර විදුලිය බිඳ වැටුණු දවස්වල පාවිච්චියට ගන්න පුළුවන් කියන මතයෙ තමයි ඉන්නේ.

කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ජීවත්වන අයට හේලීස් සෝලා ආයතනයේ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් පහසුකම් සපයා තියෙනවද?

දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව දක්වා අපේ ආයතනයේ සීමා සහිත ශාඛා ප්‍රමාණයක් තියෙනවා. ශාඛාවක් තිබුනත් නැතත් 0112 102 102 අංකයට ඇමතුමක් දුන් පසු ලංකාවේ ඕනෑම තැනකට සේවාව ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා.

මේ වෙද්දි හඳුනාගෙන තියෙන ව්‍යාපාරික අභියෝග මොනවාද?

ලංකාවේ ඉන්න දක්ෂ අය පිටරට යන එක තමයි අපට දැනට තියෙන ලොකුම අභියෝගය. ඒ නිසා ඉංජිනේරු හා අලෙවි අංශවල දක්ෂ අය හොයා ගන්න අමාරුයි. අපි උත්සාහ කරන්නෙ හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ ඉන්න අයගේ හැකියාවන් දියුණු කරන්නයි එළියෙ ඉන්න දක්ෂ අය ආයතනයට බඳවා ගන්නයි. පුනර්ජනනීය බලශක්ති අංශයෙන් ලංකාවට යන්න තියෙන දුර බොහොමයි.

සියයට හැත්තෑවක විදුලියක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ලබා ගැනීමේ ඉලක්කයට යෑමේදී පෞද්ගලික අංශය සමාගම් වලට ලබා දිය හැකි දායකත්වය කොහොමද?

ඒ ඉලක්කය සපුරා ගැනීමේදී විදුලිබල මණ්ඩලය විසින් සම්පූර්ණ කර ගත යුතු ඉලක්ක කිහිපයක් තියෙනවා. එකක් තමයි සම්ප්‍රේෂණ මාර්ගය වැඩි දියුණු කළ යුතුයි. ගිය වසරේ මෙගාවොට් 500ක පමණ සූර්ය බලයක් ගෙවල් වලට සහ ආයතන වලට සවිකරලා තියෙනවා. මේ ප්‍රමාණය වැඩි කරන්න රටත් සූදානම්. පාරිභෝගිකයත් සූදානම්. සෝල බලශක්තිය සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමුත් සූදානම්. මේ වෙද්දි ලෝක වෙළඳපොලේ සොලා පද්ධතියක මිල අඩු මට්ටමකට ඇවිත් තියෙනවා. ලංකාවේ ඩොලරයත් ස්ථාවර වෙලා තියෙනවා. දැන් අඩු පොලියට බැංකු වලින් ණය ගන්නත් පුළුවන්.සෝලා වලින් නිපදවන විදුලිය රුපියල් 27 ගානෙ විදුලි බල මණ්ඩලයට විකුණනවා නම් එයින් ලැබෙන ආදායම බැංකු ණය පොලී වාරිකයට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ නිසා මේ අවස්ථාව සෝලා විදුලියට යොමු වෙන්න තියෙන හොඳම අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.

පවතින මූල්‍ය අපහසුතා නිසා එකවර මුදල් ගෙවා සෝලා මිලදී ගත නොහැකි අයට වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ඔබ ආයතනයෙන් ලබා දෙනවාද?

අපි බැංකු සහ මූල්‍ය ආයතන 25ක් සමඟ අඩු පොලියට ණය ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලී අය කිරීමකින් තොරව ලබා දෙනවා දෙනවා. කෙනෙකුට තමන්ගේ අතින් ශතයක්වත් වියදම් නොකර සූර්ය බල කට්ටල ලබාගත හැකි ක්‍රමයක් අපි හදලා දීලා තියෙනවා.

සූර්ය පැනලයක කල්පැවැත්ම කොහොමද?

අවුරුදු තිහක් පාවිච්චි කරන්න පුළුවන්. අපේ ආයතනයෙන් මිලදී ගන්නා සූර්යය පැනල සඳහා අවුරුදු 10 වගකීමක් ලබා දෙනවා.

සමාගමේ ඉදිරි අරමුණු මොනවාද?

 බලශක්ති අංශයේ අපි ලබාගත්ත ජයග්‍රහණ තවදුරටත් පවත්වා ගනිමින් මේ අංශයේ සමාගම් අතර අංක එකේ ස්ථානය ඉදිරියටත් තහවුරු කර ගැනීම තමයි අපේ අරමුණ. ඉංජිනේරු සේවා මඟින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මකව ඉහළ දැමීම තමයි අපේ ආයතනයේ අරමුණ. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. සියලු දෙනාටම තමන්ගේ ආදායමට සරිලන විදියේ සෝලා විසඳුමක් ලබා දීමටත් ආණ්ඩුවට අඩු මුදලකට පුනර්ජනනීය විදුලිය ලබාදීමටත් අපි කටයුතු කරනවා. ආයතනයක් විදිහට ලාභ ඉපයීම අරමුණ උනත් සාධාරණ ලාභයක් උපයමින් රටටත් රටවැසියාටත් අපේ ආයතනයටත් නිවැරදි දේ කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons, has reaffirmed its industry leadership by securing two prestigious accolades at the National Industry Brand Excellence Awards 2024. Organised by the Industrial Development Board of Ceylon (IDB) under the guidance of the Ministry of Industries, the awards ceremony took place on 21st February 2025 at Eagles’ Lakeside, Attidiya, celebrating outstanding achievements in Sri Lanka’s industrial sector.

Strengthening its position as Sri Lanka’s No.1 renewable energy solutions provider, Hayleys Solar emerged as the Award Winner for Best National Industry Brand in the Large-Scale Electrical and Electronics and Allied Industry Sector. Further cementing its market leadership, Hayleys Solar also received the Award for Best New Entrant Brand – Western Province.

Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited, highlighted the significance of these achievements, stating, “These dual recognitions are a testament to our brand purpose: providing sustainable and innovative engineering services. Whether empowering industries with tailored solutions or advancing renewable energy adoption, these accolades inspire us to continue delivering value and delivering on our brand promise with purpose-driven excellence.”

Roshane Perera, Director/CEO of Hayleys Solar, expressed his appreciation, stating, “These recognitions are a testament to our unwavering commitment to innovation, market leadership, and a strong, consistent brand identity. At Hayleys Solar, we remain dedicated to providing scalable and sustainable energy solutions that drive both environmental and economic value, empowering businesses to embrace a cleaner, more resilient future.”

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, continues to lead the way in transforming Sri Lanka’s energy landscape. As part of the esteemed Hayleys Group – Sri Lanka’s largest and most diversified conglomerate with a remarkable legacy spanning over 147 years – Hayleys Solar is at the forefront of Sri Lanka’s journey towards a sustainable, green future. The company offers state-of-the-art renewable energy solutions tailored for both residential and commercial clients, driving a shift to cleaner, more efficient energy sources.

A Leader in Solar Energy Deployment

Hayleys Solar has played an instrumental role in bolstering Sri Lanka’s energy capacity. Of the 1,500 MW of solar systems installed across the country, Hayleys Solar is proud to have contributed over 300 MW, cementing its position as the market leader. The company’s unwavering commitment to quality and service has helped it build a loyal and returning customer base, which stands as a testament to the trust and confidence customers place in Hayleys Solar.

By providing advanced technology solutions, including cutting-edge storage systems and intelligent batteries, Hayleys Solar empowers its customers to generate electricity around the clock – day and night.

Supporting Sri Lanka’s Renewable Energy Ambitions

In alignment with Sri Lanka’s ambitious goal of achieving 70% renewable energy by 2030, Hayleys Solar is setting its sights on an even more ambitious target: 100% renewable energy by 2030. With over a century of combined experience in energy solutions, Hayleys Fentons and Hayleys Solar are poised to play a key role in the nation’s transition to a fully sustainable energy system.

Sustainable Investment with Long-Term Benefits

Solar energy is not just an environmentally responsible choice – it is also a sound financial investment. Once installed, a solar system can last for over 20 years, providing long-term value for both residential and commercial properties. Choosing a reliable partner like Hayleys Solar ensures that customers benefit from consistent service, guarantees, and technical support for decades to come. With over 105 years of collective experience, Hayleys Fentons and its parent company Hayleys PLC offer unmatched reliability, giving customers peace of mind for the long term.

Portable Power for a Sustainable Future

In response to the ongoing power interruptions across Sri Lanka, Hayleys Solar introduced the Bluetti Portable Power Station, an innovative solution designed to power adventures anytime, anywhere. This portable power station offers customers the flexibility to charge their devices on the go, providing reliable renewable energy storage. It reduces dependence on the grid and fossil fuels, while actively contributing to a more sustainable future.

Making Solar Energy Accessible

Hayleys Solar is committed to making renewable energy accessible to everyone. In partnership with leading financial institutions, the company has introduced flexible payment options to ease the transition to solar power. For a limited time, HNB credit cardholders can convert their solar system purchases into interest-free instalments of up to 60 months, making it more affordable and manageable to invest in energy independence. This exclusive offer is available until 30th April 2025.

In addition, Hayleys Solar offers the lowest handling fees for credit card transactions through major banks, including Commercial Bank, Seylan Bank, Sampath Bank, Union Bank, NDB, DFCC, HSBC, BOC, and NTB. The company also provides free consultations and site visits, ensuring customers make well-informed decisions about their energy needs.

Exclusive Partnership with BYD for Advanced Battery Technologies

Hayleys Solar has forged an exclusive partnership with BYD, one of the world’s leading manufacturers of battery technology, to introduce advanced battery solutions in Sri Lanka. On 25th April 2025, Hayleys Solar will launch a range of cutting-edge battery products, including the LV 5.0, HVS MAX Lite, and LV 5.0 Plus, which offer scalable and efficient energy storage solutions for both residential and commercial applications. These advanced batteries, paired with solar systems, offer customers greater energy independence and reliability. For those with existing solar systems, Hayleys Solar provides an easy upgrade to hybrid systems by simply replacing the inverter with a battery, with full warranty management provided by the company.

Investing in Wind Power for a Greener Future

In a proud moment for Hayleys Solar, its parent company, Hayleys Fentons, has recently secured a milestone achievement with the launch of the 50 MW Wind Power Project in Mannar. This project marks the largest private investment in wind power in Sri Lanka and is expected to save the country over Rs. 3 billion.

To learn more about Hayleys Solar and its extensive range of energy solutions, watch the latest interview with Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited, and Roshane Perera, Director and CEO of Hayleys Solar.