News

සූර්ය බල විසඳුම් ඔබ සමීපයටම ගෙන එමින්, හේලීස් සෝලා දැන් මාතරට

No Comments

ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය බලශක්ති සැපයුම්කරු වන හේලීස් සෝලා, සිය පළමු ශාඛාව මැයි මස 17 වන දින මාතරදී විවෘත කරන ලදී.

මෙම ව්‍යපෘතිය හේලීස් සෝලා ආයතනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවාසේම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය වේගවත් මගට යොමු කිරීමට මහගු දායකත්වයක් ලබාදෙයි. වෙළෙදපොලේ ඇති නවතම තාක්ෂණයෙන් යුතු සූර්ය බල විසඳුම් රැසක් හේලීස් සෝලා, සිය වටිනා පාරිභෝගිකයින් වෙත තිලිණ කරන්නේ රටේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අපේක්ෂාවෙනි. හේලීස් සෝලා ආයතනයේ බලාපොරොත්තුව මෙම ශාඛාව තුළින් දකුණු පළාතේ ඇති සියලූම සූර්ය බලශක්ති අවශ්‍යතා සම්බන්ධකරන කේන්ද්රස්ථානයක් ලෙස සේවය කිරීමයි.

හේලීස් ෆෙන්ටන්ස් කළමනාකාර අධ්‍යක්ෂ, හසිත් ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කර සිටියේ, ”මාතර ව්‍යාප්තිය, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගමන නව මානයකට රැගෙන යනවා සේම, අප ආයතනයේ නොපසුබට කැපවීම පිළිබිඹු කරන කදිම සාක්ෂියයි. තිරසාර අනාගතයකට මුලපුරමින් සූර්ය බලශක්ති විසඳුම් පිළිබඳ දැනුම සහ පළමු අත්දැකීම අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත රැගෙනයෑමට හැකිවීම අපි මහගු භාග්‍යක් කොට සලකන්නෙමු”.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් හේලීස් සෝලා සමාගමේ, අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා පවසා සිටියේ. ”නවීන සූර්ය විසඳුම් සහ උපස්ථ බැටරි පද්ධති (Battery Backup System) මාතරට ගෙනඒම ගැන අපිට සතුටුයි. මෙම ව්‍යාපෘතිය මගින් කලාපයේ සේවාදායකයින්ට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට අපට පුළුවන්. ව්‍යාපාරවලට හා ගෘහස්ථ පාරිභෝගිකයින්ට, තම දිගුකාලීන පිරිවැය ඉතිරි කරදෙන, ඉහළම ප්‍රමිතියේ සූර්ය විසඳුම් සැපයීමට අපගේ කණ්ඩායම කැපවී සිටිනවා”.

මාතර ස්ථාපිත මෙම අත්දැකීම් මධ්‍යස්ථානය දකුණු පළාතේ සෝලා අවශ්‍යතා සපුරාලන කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර, විශේෂඥ දැනුම ඇති කණ්ඩායමකගේ සහය ඇතිව හේලීස් සෝලා ආයතනය සූර්ය බල පද්ධති සැලසුම් කිරීමේ සිට නඩත්තු සේවාවන් දක්වා සමස්ථ ක්‍රියාවලියට මග පෙන්වීම ලබාදීමට සැදී පැහැදී සිටී.

පාරිභෝගික ඔබත් අදම මාතර, අනගාරික ධර්මපාල මාවතේ, අංක 109 දරන ස්ථානයේ පිහිටි නව අත්දැකීම් මධ්‍යස්ථානයට පිවිසෙන්න. හේලීස් සෝලා සමග තිරසාර අනාගතයකට පියනගන්නට ඔබත් අප හා එක්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?